48.The Victory
- (නබියේ! හුදෙයිබියා සමාදාන ගිවිසුම මගින්) නියත වශයෙන්ම අපි ඔබට (අති විශාල) පැහැදිලි වූ ජයග්‍රහණයක් ලබා දුන්නෙමු
- ඒ වෙනුවෙන් (ඔබ, ඔබගේ දෙවියන්ට කෘතඥ වනු මැනව! එමගින් ඉදිරි හා පසුපස වූ වැරදි වලට අල්ලාහ් ඔබට සමාව දී, තමන්ගේ වරප්‍රසාදයද ඔබ කෙරෙහි පූරණය කර තබා, ඔබව ඔහු ඍජු මාර්ගයෙහිද ගමන් කිරීමට සැලැස්වීම සඳහා (මෙවැනි ජයග්‍රහණයක් ලබා දුන්නෙමු)
- (නබියේ!) නැවත (නැවතත්) අල්ලාහ් ඔබට ශක්තිමත් උදව් උපකාර ලබා දෙමින්ම සිටින්නේය
- ඔවුන්ගේ විශ්වාසය සමග නැවත (නැවතත්) විශ්වාසය වැඩි කරන ලෙස සැලැස්වීමට විශ්වාසය තැබූවන්ගේ හෘදයන්හි ඔහුම (ශාන්තිය හා) මනසට සැහැල්ලූභාවයද පහළ කළේය. අහස් හා භූමියෙහි ඇති සේනාවන් (සියල්ල) අල්ලාහ්ටම අයත්ය. (එමගින් ඔහු කැමති අයට උදව් කරන්නේය). අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
- ඔහු විශ්වාසය තැබූ පිරිමින්වද, ගැහැණුන්වද දිය දහරා සදාකල් ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. සදාකල් ඒවායෙහි ඔවුන් රැඳී සිටිනු ඇත. ඔවුන්ගේ පාපයන්ද ඔවුන්ගෙන් පහ කර හරින්නේය. මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ ඉමහත් වූ භාග්‍යයක් වන්නේය
- අල්ලාහ් ගැන නරක අදහස් දරණ වංචනිකභාවය ඇති පිරිමින්ටද, ගැහැනුන්ටද, සමානයන් තබා නමදින පිරිමින්ටද, ගැහැනුන්ටද, (අල්ලාහ් අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නේය. (දඬුවමේ) විනාශය ඔවුන්ගේ (හිසට) උඩින් වට කරගෙන ඇත්තේය. අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝපයට පත් වී ඔවුන්ට ශාප කර, ඔවුන් වෙනුවෙන් නිරයද පිළියෙල කර ඇත්තේය. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය
- අහස් හා භූමියෙහි ඇති සේනාවන් (සියල්ල) අල්ලාහ්ට අයත් දැය වන අතර, අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
- (නබියේ!) නියත වශයෙන්ම ඔබව (විශ්වාසවන්තයින්ගේ විශ්වාසය ගැන) සාක්ෂි දැරීම සඳහාද, (ඔවුන්ට) සුභාරංචි පැවසීම සඳහාද, (පාපතරයන්ට) බියගන්වා අනතුරු ඇඟවීම සඳහාද යවා ඇත්තෙමු
- එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, විශ්වාස කර, ඔහුට උදව් කර, ඔහුව ගෞරව කර තබා, උදේ සවස ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු
- (නබියේ!) නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ ශරීරය, වස්තුව හා ආත්මය පූජා කර, ඔබට උදව් කරන බවට ඔබ මත අත තබා) ඔබ වෙත පොරොන්දු වන්නෝද, ඔවුන් අල්ලාහ් වෙතම පොරොන්දු වන්නාහ. ඔවුන්ගේ අත මත (ඔබගේ අත නොව). අල්ලාහ්ගේ අතම ඇත්තේය. එබැවින් කවුරුන් (එම පොරොන්දුව) කඩ කරන්නෝද, ඔහු තමන්ට විනාශයක් වශයෙන්ම (එය) කඩ කරන්නේය. කවුරුන් අල්ලාහ් වෙත දුන් එම පොරොන්දුව පූරණය කර හරින්නේද, ඔහුට අල්ලාහ් ඉමහත් වූ ඵලවිපාක (නියත වශයෙන්ම) ඉතාමත් ඉක්මනින් දෙනු ඇත
- (නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) රැඳී සිටි ගම්බද අරාබිවරුන් ඔබ වෙත පැමිණ “අපි ඔබ සමග ඒමට අපගේ වස්තූන්ද, අපගේ පවුල්ද, අපට අවස්ථාවක් ලබා දුන්නේ නැත. එබැවින් (දෙවියන් වෙත) ඔබ අප වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනු මැනව!” යයි (ඇත්තෙන්ම ඔවුන්) පවසනු ඇත. ඔවුන් තමන්ගේ හෘදයන්හි නොමැති දැය තමන්ගේ මුවින් (දිවෙන්) පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළා වුවද, (එහි) කිසිවක් ඔහුට විරුද්ධව ඔබට වළක්වා හැරිය හැකි අය කවරෙක්ද? (කිසිවෙකුත්) නැත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දැනගෙන සිටින්නේය
- “(අල්ලාහ්ගේ) දූතයාද (ඔහුව) විශ්වාස කළ අයද, (යුද්ධයෙන් පසු) තමන්ගේ පවුලේ උදවිය වෙත කිසි කලෙකත් ආපසු නොපැමිණෙන්නාහ යයි නියත වශයෙන්ම ඔබ අදහස් කරමින් සිටියෙහුය. (එබැවින්ම ඔබ යුද්ධයට පැමිණියේ නැත). මෙයම ඔබගේ මනසෙහි අලංකාරවත් කර තිබුණි. එබැවින් ඔබ නපුරු සිතුවිල්ලම සිතමින් සිටියෙහුය. එබැවින් ඔබම විනාශ වන ජනතාවක් බවට පත් වූවෙහුය” (යයි නබියේ! ඔබ පවසනු මැනව)
- කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ දුතයාවද, (සත්‍යය වශයෙන්ම) විශ්වාස නොකළෙහිද, (ඔහු ප්‍රතික්ෂේප කරන්නෙකි. එබැවින්) එවැනි ප්‍රතික්ෂේප කරන්නාට නිරයම නියත වශයෙන්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු
- අහස් හා භූමියෙහි පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු අදහස් කරන අයට සමාව දී හරින්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය
- (නබියේ! කළින් යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටිය අය, යුද්ධයෙන් ලැබුනු වස්තූන් ලබා ගැනීමට ඔබ යන අවස්ථාවේදී (ඔබට) “අපිත් ඔබ අනුගමනය කර පැමිණීමට අපට (අනුමැතිය ලබා) දෙනු (මැනව!)” යයි පවසන්නාහ. මොවුන් අල්ලාහ්ගේ නියෝගයන් වෙනස් කිරීමටම අදහස් කරන්නාහ. (එබැවින් ඔවුන්ට) “ඔබ අපව අනුගමනය කර නොඑනු. මීට කළින්ම අල්ලාහ් මෙසේ පවසා ඇත්තේය” යයි ඔබ පවසනු මැනව! එයට ඔවුන් “(අල්ලාහ් කිසිවක් පැවසුවේ) නැත. ඔබයි අප කෙරෙහි උඞඟූ වී (මෙසේ පවසන්නේ)” යයි පවසන්නාහ. (ඔවුන් කියන දේ නිවැරදිය) යයි ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වෙන කිසිවෙකුත් මෙහි අර්ථය) වටහා ගන්නේ නැත
- (නබියේ! යුද්ධයට ඔබ සමග නොපැමිණ) පසුබැස රැඳී සිටි ගම්බද අරාබිවරුන්ට ඔබ මෙසේ පවසනු: “යුද්ධ කිරීමෙහි ඉතාමත් ශක්තිම්පන්නයන් වන ජනතාව සමග (යුද්ධ කිරීමට) ඉතාමත් ඉක්මනින් ඔබව කැඳවනු ලබන්නෙහුය. ඔවුන් සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔබට ඔවුන් සමග යුද්ධ කිරීමට සිදු වනු ඇත. (මෙහි) ඔබ (මට) අවනත වී කටයුතු කරන්නේ නම්, අල්ලාහ් ඔබට අලංකාරවත් ඵලවිපාක දෙනු ඇත. මීට පෙර ඔබ (යුද්ධ නොකර) හැරී ගිය අන්දමටම (ඒ අවස්ථාවේදීද යුද්ධ නොකර) ආපසු හැරී යන්නේ නම්, ඔහු ඔබව ඉතාමත් දරුණු වේදනා ගෙන දෙන දඬුවම් කරනු ඇත”
- (යුද්ධයට නොඒම ගැන) අන්ධයා කෙරෙහි කිසිම වරදක් නැත. නොන්ඩියා කෙරෙහිද කිසිම වරදක් නැත. අසනීපකාරයා කෙරෙහිද කිසිම වරදක් නැත. කවුරුන් අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද (ඇත්තෙන්ම) අවනත වන්නේද, ඔහුව (අල්ලාහ්) දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඇතුළු කරනු ඇත. කවුරුන් (ඔබට අවනත නොවී යුද්ධයටද ඔබ සමග නොපැමිණ) ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව ඉතාමත් දරුණු ලෙසටම වේදනා ගෙන දෙමින් දඬුවම් කරන්නේය
- එම ගස යට ඔබ වෙත (අත දී) පොරොන්දු දුන් විශ්වාසවන්තයින් ගැන නියත වශයෙන්ම අල්ලාහ් සෑහීමට පත් වූවේය. ඔවුන්ගේ හෘදයන්හි (සත්‍යය වූ පරිත්‍යාගශීලී අදහස ගැන) හොඳින් දැන, (ශාන්තිය හා) මනසට සැහැල්ලූවද ඔවුන් කෙරෙහි පහළ කළේය. ඉක්මන් ජයග්‍රහණයද (කයිබර් නමැති ස්ථානයේදී) ඔවුන්ට (පරිත්‍යාගයක් වශයෙන්) ලබා දුන්නේය
- (එම) විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන්ද ඔවුන්ට අත්පත් කර ගන්නට සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය
- විශාල ප්‍රමාණයක යුද්ධාජිද වස්තූන් ඔබ අත්පත් කර ගන්නෙහුය යයි අල්ලාහ් ඔබට පොරොන්දු දී තිබුණි. මෙය ඔබට ඉතා ඉක්මනින් ලබා දුන්නේය. (ඔබට සතුරන් වන එම) මිනිසුන්ගේ අත්ද ඔබගෙන් ඈත් කර වළක්වා හැරියේය. (මෙය) විශ්වාසවන්තයින්ට එක් සාධකයක් බවට පත් කිරීම සඳහාද, ඔබව ඍජු මාර්ගයෙහි යාමට සැලැස්වීම සඳහාද, (මෙසේ දයාව පහළ කළේය)
- (පර්ශියාව, රෝමය ආදී දේශයන්හි ඔබට) තවත් ජයග්‍රහණයක් (ඇත්තේය). එයට ඔබ (තවමත්) සුදුස්සන් බවට පත් වූවේ නැත. එහෙත් අල්ලාහ් එය වට කරගෙන සිටින්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන්ම සිටින්නේය
- ප්‍රතික්ෂේප කරන්නන් (මේ අවස්ථාවේදී) ඔබ සමග යුද්ධ කරන්නෙහු නම්, ඔවුන්ම පසුපස හරවා දුවනු ඇත. පසුව ඔවුන් (තමන්ව) බේරා ගන්නෙකු හෝ උදව් කරන්නෙකු හෝ යන කිසිවෙකුත් නොදකින්නාහ
- (ප්‍රතික්ෂේප කරන්නන්ගේ කාරණාවෙහි) අල්ලාහ්ගේ සැලසුම (මෙයයි). මීට පෙරද, (මේ අන්දමටම) සිදු වී ඇත. එබැවින් අල්ලාහ්ගේ සැලසුමෙහි ඔබ කිසිම වෙනස්කමක් නොදකින්නෙහිය
- මක්කා මිටියාවතේ ඔවුන් කෙරෙහි ඔබට ජයග්‍රහණය ලබා දුන් පසු, ඔවුන්ගේ අත් ඔබගෙන් ඈත් කර, (එසේම) ඔබගේ අත් ඔවුන්ගෙන් ඈත් කර, ඔහුම වළක්වා ගත්තේය. (මන්දයත්) අල්ලාහ් ඔබ කළ දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටියේය
- (ඔබ ජයග්‍රහණය කළ මක්කාවාසීන් වන) මොවුන්ම (අල්ලාහ්ව ද, ඔහුගේ දූතයාවද) ප්‍රතික්ෂේප කර, ඔබවද පරිශුද්ධ වූ මස්ජිද් (නමැති කඃබාව)ට (යාමට ඉඩ නොදී) වළක්වා, කුර්බානියද එය යා යුතු ස්ථානය (වන එම) දේශ සීමාවට යාමට ඉඩ නොදී වැළැක්වූ අයයි. එහෙත් (එහි ඔවුන් සමග) ඔබ නොදැනුවත් විශ්වාසය තැබූ පිරිමින්ද, ගැහැනුන්ද, සිටියහ. (ඒ අවස්ථාවේදී ඔබගේ සතුරන්ව ඔබ කපා දැමුවහොත්) ඔවුන්ද (ඔබ නොදැනුවත්ව) ඔබගේ කකුලට පෑගී, ඒ හේතුවෙන්ම ඔබ නොදැනුවත්ව ඔබට පාඩුවක් ඇති විය හැකිය යයි නොතිබුනේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන් සමග යුද්ධ කිරීමට ඔබට අනුමැතිය ලබා දී මක්කාවෙහි ඔබ ඇතුළු වන ලෙසටද සලස්වන්නට ඉඩ තිබුණි. එවිට, ඔබ මක්කාවෙහි ඇතුළු නොවී ඔබව ඔහු වළක්වා ගත්තේ, හුදෙයිබියා ගිවිසුමෙහි මධ්‍ය කාලයෙහි) අල්ලාහ් තමන් අදහස් කළ අයව (ඉස්ලාමය නමැති) තම දයාවෙහි ඇතුළු කිරීමටය. (ඔබ නොදැනුවත් මක්කාවෙහි සිටින විශ්වාසවන්තයින් වන) ඔවුන්, (ඔවුන්ගෙන්) ඈත් වුවහොත් (ඔවුන් කෙරෙහි යුද්ධ කිරීමට ඔබට අනුමැතිය ලබා දී) ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ව අපි දරුණු ලෙසටම වේදනා කර, දඬුවම් කර ඇත්තෙමු
- ප්‍රතික්ෂේප කළ අය, තමන්ගේ හෘදයන්හි (ඔබව සහමුලින්ම විනාශ කර දැමිය යුතු යයි) මෝඩ පළි ගැනීමේ චේතනාව ස්ථීරව තබා ගත් අවස්ථාව ගැන සිතා බලනු. ඒ අවස්ථාවේදී අල්ලාහ් තමන්ගේ දූතයා කෙරෙහිද, විශ්වාසය තැබූවන් කෙරෙහිද, තමන්ගේ දයාව (වන මනසට සැහැල්ලූවද, ස්ථීරභාවයද) පහළ කර, ශුද්ධ වූ වදන කෙරෙහිද ස්ථීර කර හැරියේය. ඔවුන් එයට ඉතාමත් සුදුස්සන් බවටද, එය අත්කර ගත යුතු අය බවටද සිටියහ. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
- නියත වශයෙන්ම අල්ලාහ් තමන්ගේ දූතයාට (ඔහු දුටු) සිහිනය ඇත්තෙන්ම සත්‍යය කර තැබුවේය. අල්ලාහ් අදහස් කළහොත් නියත වශයෙන්ම ඔබ පරිශුද්ධ වූ මස්ජිදයෙහි බිය නොමැත්තන් වශයෙන්ද, ඔබගේ හිස බූ ගා ගත් අය වශයෙන්ද, (කෙස්) කතුරෙන් කපා ගත් අය වශයෙන්ද ඇතුළු වනු ඇත. (ඒ අවස්ථාවේදී) ඔබ (කෙනෙකුට කෙනෙකුද) බිය නොවන්නෙහුය. (ඒ අවස්ථාවේදී) ඔබ නොදැනුවත්ව සිටි දැය (දැනටමත් අල්ලාහ්) දැන සිටින්නේය. එබැවින් මෙය හැර, වහාම (වෙනත්) ජයග්‍රහණයක්ද (ඔබට) ලබා දුන්නේය
- ඔහුම තමන්ගේ දුතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය වූ ධර්මය මගින්ද, යවා ඇත්තේය. එය සියලූ ධර්මයන්ම ජයග්‍රහණය කරනු ඇත. (එයට) අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් සිටින්නේය
- මුහම්මද් (නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) අල්ලාහ්ගේ ශුද්ධ වූ රසූලවරයා (දූතයා) වශයෙන් සිටින්නේය. ඔහු සමග සිටින්නන් ප්‍රතික්ෂේප කරන්නන් සම්බන්ධයෙන් දැඩි (මතධාරීන්) වශයෙන්ද, තමන් තුළ ඉතාමත් ආදර කරුණාවෙන් යුතු අය වශයෙන්ද, සිටින්නාහ. නැවී නළල බිම තබා සුජූද් කර, (නමදින්නන්) වශයෙන් ඔබ දකින්නෙහිය. අල්ලාහ්ගේ වරප්‍රසාදයද, (ඔහුගේ) ශුද්ධ වූ සොම්නසද (සෑම විටම) කැමැත්තන් වශයෙන් සිටින්නාහ. ඔවුන්ගේ සළකුණු නම්, ඔවුන්ගේ මුහුණුවල සුජූද් කර (නැමදීමේ) සළකුණු තිඛෙනු ඇත. මෙයම තව්රාත් (නමැති ධර්මයෙහි) ඇති ඔවුන්ගේ වූ වර්ණනාවයි. ඉන්ජීල්හි ඔවුන් කෙරෙහි වූ උපමාව නම්, එක් භෝගයකට සම වන්නේය. එය (සශ්‍රීකව කොළ පැහැ ගැන්වී) අතු විහිදෙන්නේය. (වැඩී) ස්ථීරවත් වන්නේය. පසුව එය (මහත් වී) ඝන වන්නේය. පසුව ගොවියාට (සතුටට පත් වී ඉතාමත්) පුදුම ගෙන දෙන අන්දමට (වැඩී) එය තමන්ගේ කෙඳහි දිග හැරී සිටින්නේය. -මෙමගින් ප්‍රතික්ෂේප කරන්නන්ව ඔහු කෝපයට පත් කරන්නේය. (මෙසේම විශ්වාසවන්ත-යින්වද ක්‍රම-ක්‍රමයෙන් සංවර්ධනයට ගෙන එන්නේය). ඔවුන්ගෙන් කවුරුන් (ඇත්තෙන්ම) විශවාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද, පොරොන්දු වී ඇත්තේය